ලිබියාවේ වෙසෙන ඉතියෝපියානු කිතුණුවන් 30 දෙනෙකු ඝාතනය කරන වීඩියෝවක් IS ඉස්ලාමීය අන්තවාදීන් නිකුත් කර තිබේ.
වෙරළ තීරයකදී අන්තවාදියෙකු විසින් ඔවුන්ගේ ගෙල සිඳින ආකාරය එක් අවස්ථාවක දැක්වෙන අතර, තවත් කණ්ඩායමක් කාන්තාර පෙදෙසකදී වෙඩි තබා ඝාතනය කරන ආකාරයද දැක්වෙයි.
ලිබියාවේ ඉතියෝපියානු පල්ලියේ පාලනය සියතට ගැනීමෙන් පසු මෙම ඝාතනය සිදුවන්නට ඇති බව විශ්වාස කෙරෙයි.