ඉතාලියේ හිමකඳු කඩා වැටීමක් හේතුවෙන් කඳු නැගීමේ නිරත පිරිසක් හිමවලට යට වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
ඉතාලි බලධාරීන් පෙන්වාදෙන පරිදි මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයන් 06 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇත.
ඉතාලි වේලාවෙන් සෙනසුරාදා උදෑසන 11.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මෙහිදී හිම සහ අයිස් විශාල වශයෙන් කඩා වැටී තිබේ.
මෙම අවස්ථාවේදී පුද්ගලයන් 12කට වැඩි පිරිසක් මුහුදු මට්ටමේ සිට මීටර් 3,000කට වඩා ඉහළ ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් ඉතාලි හා ඔස්ට්රියා දේශසීමාවේ වූ දෙවැනි උසම කන්ඳ තරණය කරමින් සිට ඇත.