ඉතාලියේ ටියුරින් නගරයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ගිණිකෙළි පුපුරා යෑමක් බෝම්බයක් යැයි සිතා කලබල වූ ජනතාව ඉවක්බවක් නොමැතිව දිව යෑමෙන් සිදුවූ තෙරපීමක් නිසා පුද්ගලයන් 1,000ක් පමණ තුවාල ලබා තිබේ.
චැම්පියන්ස් ලීග තරගාවලියේදී ජුවෙන්ටස් කණ්ඩායම හා රියල් මැඩ්රීඩ් කණ්ඩායම අතර පැවති තරගය අවස්ථාවේදී මෙම ගිනිකෙළි පිපිරුම බෝම්බයක් බවට කටකතා පැතිර ගොස් ඇති අතර, ඒ අවස්ථාවේදී ජනතාව හිස් ලූ ලූ අත දිවගොස් තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඉතාලියෙන් වාර්තා වන අතර, එක් අයෙකු වයස අවුරුදු 7ක කුඩා දරුවෙකු බවද පැවසෙයි.
නරඹන්නන්ගේ බෑග්, සපත්තු ප්රේක්ෂකාගාරය පුරා විසිරී පැවති අතර, ඔවුන් වැඩි දෙනා කෑමොර දෙමින් දිවගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.