වර්ෂ 1980 න් පසුව ඉතාලියට බලපෑ ප්රබලතම භූ කම්පනය හේතුවෙන් 15,000ක ජනතාවක් උන්හිටිතැන් අහිමිව දිවිගෙවන බව විදෙස් වාර්තා පවසයි.
නෝර්සියා නගරය ආසන්නව ඇති වූ මෙම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ජීවිත හානි වාර්තා නොවෙයි.
ඉරිදා උදෑසන ඇති වූ රික්ටර් පරිමාණ 6.6ක් ලෙස භූ කම්පනය වාර්තා වී තිබූ අතර, මෙම භූ කම්පනය පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලයන් 300කට දිවි අහිමි කළ භූ කම්පනය සිදුවූ ප්‍රදේශය ආශ්‍රිතවම ඇති වී තිබුණි.
ඉතාලි අගමැති මෙට්ටියෝ රෙන්සිගේ ප්‍රධානත්වයෙන් එරට කැබිනට් මණ්ඩලය විසින් හදිසි ආපදා රැස්වීමක්ද පවත්වා තිබුණි.
මධ්‍යම කඳුකර ප්‍රදේශයේ නගර හා ගම්මාන කිහිපයක ගොඩනැගිලිවලට මෙම භූ කම්පනවලින් බරපතල හානි සිදුවී තිබූ බවද විදෙස් වාර්තා පවසයි.