ඉතාලියේ, මිලාන් නගරයට ආසන්නයෙන් මගී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
පීලි පැනීමත් සමග එකකට එකක් යටවී තිබූ දුම්රිය මැදිරි අතර සිරවී සිටි මගීන් බේරාගැනීම සඳහා ගිනි නිවන භටයන් හා ස්වෙච්ඡා සහන සේවකයන් දැඩි පරිශ්රමයක් දැරූ බව විදෙස් වාර්තා පවසයි.
ට්රෙවිග්ලිඕ සහ පියොල්ටෙලෝ දුම්රිය ස්ථාන අතරතුරදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූවන් අතර 10 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද එරටින් ලැබෙන වාර්තාවල දැක්වෙයි.
ක්රෙමෝනා සිට මිලාන් බලා ධාවනය වෙමින් පැවති මෙම දුම්රිය අනතුරට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, එය ග්රිනීච් වේලාවෙන් උදෑසන 6.00ට පමණ සිදුව ඇති බව කියැවෙයි.