ඉක්වදෝරයට ආසන්න වයඹදිග පැසිෆික් සාගරයේ රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ.
මෙම භූ කම්පනය හේතුවෙන් ඉක්වදෝරයේ වාණිජ අගනගය ලෙස සැලකෙන ග්වායාකුවිල් ඇතුළු ප්‍රදේශ රැසකට බරපතල හානි සිදුව ඇති බවද විදෙස් වාර්තා පවසයි.
භූ කම්පනයත් සමග බියට පත් ජනතාව සිය නිවාසවලින් පිටතට පැමිණ ඇති බවත්, වෙරළබඩ පළාත්වලට සුනාමි අනතුරු ඇඟවීම් සිදුකර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
සමාජජාල ඔස්සේ ලැබෙන තොරතුරු අනුව කඩා වැටුණු පාලම්, ගුවන් තොටුපොළ පාලන කුලුණු ආදිය දැකගත හැකි බවද විදෙස් වාර්තා පවසයි.
එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8.00 ට පමණ මෙම භූ කම්පනය ඇති වී තිබෙන අතර, එහි අපිකේන්ද්‍රය කිලෝමීටර් 20ක් පමණ ගැඹුරින් පිහිටි බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූ කම්පනයත් සමග ඉක්වදෝරයට ආසන්න පේරු රාජ්‍යයද සුනාමි අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත්කර තිබුණි.