ඉක්වදෝරයට බලපෑ ප්‍රබල භූ කම්පනයන් හේතුවෙන් මේ වනවිට එරට තුළ මියගොස් ඇති පිරිස 600 ඉක්මවා ඇති බව පැවසෙයි.
මීට සතියකට පෙර පසුගිය සෙනසුරාදා ඇති වූ රික්ටර් පරිමාණ 7.8 ක භූ කම්පනය හේතුවෙන් තුවාල ලැබූ පිරිසක 12,492 ක් පවත්, තවත් 130 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවත් ඉක්වදෝර රජය පවසයි.
සෙනසුරාදා ඇති වූ ප්‍රබල භූ කම්පනයට පසුව පසුගිය බ්‍රහස්පතින්දා රික්ටර් පරිමාණ 6.0 ක තවත් ප්‍රබල පසු කම්පනයකින් ඉක්වදෝරය සෙලවී ගියේය.
බ්‍රහස්පතින්දා ප්‍රබල පසු කම්පනයෙන් පසු මේ දක්වා පසු කම්පන 70ක් පමණ සිදුවූ බවත්, පසුගිය සෙනසුරාදා සිට ඇති වූ පසු කම්පන ප්‍රමාණය 700 ඉක්මවන බවත් ඉක්වදෝර භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.