ඇෆ්ගනිස්ථානයේ 70%ක පමණ ප්‍රදේශයක් පුරා තලේබාන් ත්රස්තයන් නිදහසේ හැසිරෙන බව අනාවරණය වී තිබේ.
2014 වසරේදී විදෙස් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමෙන් පසුව තලේබාන් ත්රස්තයන් විසින් සිදුකරන ප්‍රහාර ක්‍රමයෙන් රට පුරා වාර්තා වෙමින් පවතී.
කෙසේ වෙතත්, මෙම අනාවරණය තරයේ ප්‍රතික්ෂේප කරන ඇෆ්ගන් රජය පවසන්නේ ඔවුන් ඇෆ්ගනිස්තානයෙන් විශාල කොටසක බලය පතුරුවන වන නිසා ත්රස්තයන් සෑම තැනම සිටිනවා යැයි පැවසිය නොහැකි බවයි.
එරට කාබුල් අගනුවර සහ තවත් නගර ඉලක්ක කරමින් තලේබාන් ත්රස්තයන් මෙන්ම ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් පසුගිය කාලය පුරා එල්ල කරනලද ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් ඇතුළු ඇෆ්ගන් හමුදා සාමාජිකයන්ද ජීවිතක්ෂයට පත්වූහ.