ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට තවත් 140 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොදු ප්‍රවාහන සේවා සඳහා වසා දමා ඇති මාර්ගයක් අසල වූ පොලිස් මාර්ග බාධකයක් වෙත ගිලන් රථයක් ස්වරූපයෙන් පැමිණි මෙම මරාගෙන මැරෙන ප්‍රහාරක රථය එම ස්ථානයේදී බෝම්බය පුපුරුවාගෙන තිබේ.
ඇෆ්ගනිස්ථානයේ පැරණි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල, යුරෝපා සංගම් කාර්යාලය ගොඩනැගිල්ල සහ උසස් සාමයක් සඳහා වූ කවුන්සිලයේ ගොඩනැගිල්ල යන ගොඩනැගිලි රැසක් මීට යාබදව ඇති බව කියයි.
මෙම ප්‍රහාරයේ වගකීම මේ වනවිටත් ඉස්ලාමීය තලේබාන් සංවිධානය විසින් භාරගෙන ඇත.
මීට සතියකට පෙර තලේබාන් තස්තයන් විසින් කාබුල් නගරයේ සුඛෝපභෝගී හෝටලයක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.