නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක මුරපොළකට IS ඉස්ලාම් රාජ්ය අන්තවාදීන් එල්ල කළ ප්රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්රහාරය එල්ල කිරීම සඳහා ඉස්ලාම් රාජ්ය අන්තවාදීන් 300ක් පමණ පැමිණි බව කියැවෙයි.
එම ප්රහාරයත් සමග ක්රියාත්මක වූ ඇෆ්ගන් රජයේ හමුදා ප්රතිප්රහාර කිහිපයක්ම එල්ල කර ඇති අතර, ඉන් අන්තවාදීන් 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව කියයි.
ඇෆ්ගනිස්ථානය තුළද මේ වනවිට ක්රමයෙන් ඉස්ලාම් අන්තවාදී රාජ්ය ත්රස්තයන් ක්රියාත්මක වන අතර, ඔවුන් රජයේ ආරක්ෂක අංශ ඉලක්ක කරමින් නිරන්තර ප්රහාර එල්ල කරන බව පැවසෙයි.