තාලේබාන් අන්තවාදී ත්රස්තයන් විසින් ඇෆ්ගනිස්ථානයේ, කාබුල් නුවර ආරක්ෂක අමාත්‍යාංශය ආසන්නයේ එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට පත්ව, තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
අමාත්‍යාංශ සේවකයන් රාජකාරී නිමවී ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල කෙරී ඇති බව විදෙස් වාර්තා පවසයි.
සෙනසුරාදා දිනයේ ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කූනාර් ප්‍රදේශයේ තලේබාන් ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පැය කිහිපයක් ගත වූ තැන මෙම ප්‍රහාරයද එල්ල වී ඇති අතර, මෙය රජය හා තලේබාන් ත්රස්තයන් අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා බිඳ වැටීමටද හේතු වනු ඇති බව කියැවෙයි.