ඇෆ්ගනිස්ථානයේ සේව් ද චිල්ඩ්රන් ඒජන්සියේ කාර්යාලය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
ජලාලාබාද් නුවර පිහිටි එම කාර්යාලය ඉදිරිපිට පිපිරීමක් සිදුවෙමින් මෙම ප්‍රහාරය ආරම්භ වී ඇති අතර, පසුව තුවක්කුකරුවන් පිරිසක් ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
වෙඩිහඬ ගිගුම් දෙනවිට අසල පාසලක දරුවන් සී සී කඩ දිවගිය බව ඇෆ්ගන් මාධ්‍ය උපුටා දක්වමින් වර්තා කර තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නැත.
නමුත්, ජලාලාබාද් නගරය පාකිස්තාන දේශසීමාවේ පවතින නගරයක් නිසා එය තලේබාන් සටන්කාමීන් හා අයිඑස් ඉස්ලාමී රාජ්‍ය ත්රස්තයනගේ ක්ෂේමභූමියක් බවද නොරහසකි.