ඇෆ්ගන් කාන්තාවන් හතර දෙනෙකු සමූහ දූෂණයකට ලක්කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීමට සම්බන්ධ ඇෆ්ගන් ජාතිකයන් පස් දෙනෙකු එල්ලා මරා දැමුණු බව වාර්තා වෙයි.
නැගෙනහිර කාබුල් නගරයේ පිහිටි පුල් ඊ චාර්කී බන්ධනාගාරයේදී මොවුන් එල්ලා මරා දමුණු බව බලධාරීහු පවසති.
ඇෆ්ගනිස්ථානයේ කාන්තා හිංසනය දැවැන්ත ආකාරයෙන් හිස ඔසවා ඇති පරිසරයක, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් සිදු නොවන බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම කාන්තාවන් සමූහ දූෂණය සිදුව තිබුනේ ඔවුන් විවාහ මංගල උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදීය. මෙම අපරාධය සම්බන්ධයෙන් නැගුණු බලවත් විරෝධය මෙම නඩු විභාගය සක්රීයව ක්රියාත්මක වෙමින්, ඔවුන්ට මරණ දඬුවම් නියම විය.
හිටපු ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි සිය ධුරයේ අවසන් දිනයේදී මෙම මරණ දඬුවම් සඳහා අත්සන් කොට තිබුණි.