ඇෆ්ගනිස්තාන රජයේ හමුදා සමග දින තුනක සටන් විරාමයකට තලේබාන් ත්රස්ත සංවිධානය එකඟත්වය පළ කර තිබේ.
රාමසාන් මාසයේ ඊද් උත්සවය වෙනුවෙන් මෙම සටන් විරාමය මුලින්ම ඒකපාර්ශ්වීයව පණවනු ලැබුවේ ඇෆ්ගනිස්ථාන රජය විසිනි.
2001 වසරේදී ඇමෙරිකාව ප්රමුඛ සන්ධාන හමුදා විසින් තලේබාන් පාලනයක් පැවති ඇෆ්ගන් රජය පෙරළා දැමීමෙන් පසුව ඔවුන් මෙවැනි සටන් විරාමයකට එකඟ වූ ප්රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
ඇෆ්ගන් රජය පවසා සිටියේ තමන් ප්රකාශයට පත්කළ සටන් විරාමය තුළ විදේශ ආක්රමණික හමුදාවකට හැර සියලු විරුද්ධවාදීන් වෙත සිදුකරන ප්රහාර හා මෙහෙයුම් නවත්වන බවයි.
ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ඝානි මෙය ප්රකාශය පත්කරමින් පවසා සිටියේ තලේබාන් සංවිධානයේ ප්රචණ්ඩත්වය හරහා ඇෆ්ගන් ජනතාවගේ හදවත් සහ සිත් දිනාගැනීමට නොහැකි බව එම සංවිධානයට තේරුම් ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවයි.