ඇෆ්ගනිස්තානයේ, කාබුල් අගනුවර ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයක් වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම ගොඩනැගිල්ලට පිවිසීම සඳහා සූදානමින් සිටි පුද්ගලයන් පිරිසක් වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරයෙන් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඔවුන්ගේ අමාඛ් පුවත් මෙය අනාවරණය කර තිබේ.
එලැඹෙන ඔක්තෝබර් මාසයේදී ඇෆ්ගනිස්ථානය තුළ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරමින් ඡන්දදායකයන් ලියාපදිංචිය මේ වනවිට ආරම්භ කර තිබුණි.