දකුණුදිග ඇෆ්ගනිස්තානයේ, උරුස්ගාන් පළාතේ ඇෆ්ගනිස්තාන පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ සහෝදර නිලධාරීන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පොලිස් නිලධාරියා තලේබාන් සටන්කාමීන් සමග සබඳතා පවත්වා ඇති බව මේ වනවිට විශ්වාස කරන අතර, ඔහු තම සහෝදර සෙබලුන්ට මත් බෙහෙතක් ලබාදී පසුව ඔවුන් සියලු දෙනාට වෙඩි තබා ඝාතනය කර තිබේ.
අනතුරුව, ඔවුන්ගේ අවි ආයුද සියල්ල ඉවතට ගත් මෙම තැනැත්තා ඔවුන් රැඳී සිටි පොලිස් මුරපොළටද ගිනිතබා ඇත්තේ එම මළ සිරුරුද විනාශ කරමිනි.
ඇෆ්ගනිස්තාන පොලීසිය මේ වනවිට අදාළ පුද්ගලයා සොයා මෙහෙයුම් සිදුකරන අතර, මෙවැනි අභ්‍යන්තර ප්රහාරයන් ඇෆ්ගනිස්තාන හා විදෙස් හමුදා එරටදී මුහුණ දෙන බරපතලම අවදානම් තත්ත්වය බව කියැවෙයි.