ඇෆ්ගනිස්තාන කන්දහාර් ගුවන් තොටුපළේ සේවයේ නිරත ආරක්ෂක නිලධාරිනියන් 05 දෙනෙකු තලේබාන් ත්රස්තයන්ගේ ප්රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම නිලධාරිනියන් සේවා ස්ථානය බලා පැමිණෙමින් සිටියදී ඝාතනයට ලක් වී ඇති බව බවත්, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ආරක්ෂක නිලධාරිනියන් ගමන් කරමින් සිටි වෑන් රථයට වෙඩි තබා පළාගොස් ඇති බවත් පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
මෙම ප්රහාරයෙන් එම නිලධාරිනියන් ප්රවාහනය කළ වෑන් රථයේ රියදුරාද ජීවිතක්ෂය ටපත්ව ඇති අතර, මෙහි වගකීම තලේබාන් ත්රස්තයන් භාර නොගත්තත්, ප්රහාරයේ ස්වභාවය අනුව එය තලේබාන් සංවිධානයේ ප්රහාරයක් බවට සැක පහළ කෙරෙයි.
මේ අතර, එම අමානුෂික ප්රහාරය හෙළා දැක ඇති ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානි කියා සිටියේ මේ ආකාරයෙන් කාන්තාවන් ඝාතනය කිරීම ඉස්ලාම් හර පද්ධතීන් පවා බිඳ දැමීමක් බවයි.