සිරියාවේ, ඇලෙප්පෝ නගරයේ කැරලි කණ්ඩායම් සිටින ප්‍රදේශයෙන් සිවිල් වැසියන් ඉවත්කර ගැනීමේ මෙහෙයුම් මේ වනවිට බොහෝ දුරට අවසන්ව ඇති බව රතු කුරුස සංවිධානය පවසයි.
එහිදී, එම කලාපයේ රැඳී සිටින අවසන් සිවිල් වැසියන් කණ්ඩායම ඉවත්කිරීම සඳහා බස් රථ මෙන්ම, මෝටර් රථ රැසක්ද යොදාගැනීමට සූදානම් වන බව කියැවෙයි.
රතු කුරුස සංවිධානයේ දත්තවලට අනුව මේ වනවිට 34,000ක පිරිසක් නගරයෙන් ඉවත්කර ගැනීමට හැකිවී තිබේ. ඒ මෙම මෙහෙයුම ආරම්භ වී දින අටක කාලය තුළදීය.
මෙසේ ඉවතට ගනුලබන සාමාන්‍ය වැසියන් ඒ ආසන්න ඉඩ්ලිබ් කඳවුරු භූමිය වෙත රැගෙන යන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රකාශිකා ඉන්ගි සෙඩ්කි ප්‍රංශ පුවත් සේවය වෙත පවසා තිබුණේ සිකුරාදා දිනයේදීද දිවා රාත්‍රී කාලවල අඛණ්ඩවම එම පිරිස් ඉවත්කර ගැනීම් සිදුවනු ඇති බවය.