සිරියාවේ ඇලෙප්පෝ නගරයේ රජයේ හමුදා හා කැරලිකරුවන් අතර සිදුවන ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 70,000ක් පමණ නගරය අතහැර පළාගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
සිරියානු සෞඛ්‍ය සහන සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය සෙයිඩොවුන් සොආබි පවසන්නේ ඔහු ගමන් කළ බොහෝ ගම්මාන මේ වනවිට පාළුවට ගොස් ඇති බවයි.
ආරක්ෂිත නවාතැනක් හෝ ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නොමැතිකමින් දහස් සංඛ්‍යාත ජනතාව මෙසේ නගරය අත්හැර ගොස් ඇති බව ඔහු බී.බී.සී.ය වෙත පවසා ඇත.
පසුගිය සති දෙකක කාලය තුළ රුසියානු ගුවන් හමුදාවේද සහාය ඇතිව සිරියානු හමුදා සිය මෙහෙයුම් අරඹා ඇති තිබුණත්, මෙය අයිඑස් අන්තවාදීන්ට වඩා සිරියානු කැරලිකරුවන් ඉලක්ක කරන්නක් බවට චෝදනා නැගේ.
නමුත්, රුසියාව හා සිරියාව එය තරයේ ප්‍රතික්ෂේප කරමින් මෙය අන්තවාදීන්ට එරෙහි ප්‍රහාරයක් බව කියයි.