හිස්බුල්ලා සහ ඉරාන සටන්කාමීන්ගේ සහාය ලැබූ සිරියානු හමුදා එරට ඇලෙප්පෝ නගරයේ උතුරුදිග කොටසේ බලය ඇල්ලීම සඳහා සටන් වදින බව පැවසෙයි.
ඇලෙප්පෝ නගරයේ සිටින අසාද් විරුද්ධවාදීන් මෙන්ම ජිහාඩ් අන්තවාදීන් පළවා හැරීම මෙම මෙහෙයුමේ බලාපොරොත්තුව වී තිබේ.
පසුගිය සැප්තැම්බර් 30 වැනිදා රුසියනු ගුවන් හමුදා සිරියාව වෙත ගුවන් ප්රහාර එල්ල කිරීම ආරම්භ කිරීමෙන් පසුව සිරියාවේ සිදුවන දැවැන්ත මෙහෙයුමක් ලෙස මෙය සැලකෙයි.
සම්පූර්ණයෙන්ම නගරයේ බලය අත්පත් කරගැනීම වෙනුවට ක්රමයෙන් නගරයේ බලය අත්පත් කරගැනීමට ඔවුන් සූදානම් වන අතර, මෙම නගරය මිලියන දෙකක සිරියානුවන්ට සෙවන සදන්නකි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සිරියාව වෙත රුසියාවේ හා ඉරානයේ සහාය හිමිවීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක පසුවෙති.