උතුරු, මධ්‍යම හා දකුණු ඇමෙරිකානු රාජ්‍යයන් 35කගේ එකතුවෙන් පැවැතවෙන ඇමෙරිකාස් සමුළුව සඳහා එම රටවල රාජ්‍ය නායකයන් පැනමා රාජ්‍ය වෙත පැමිණෙමින් සිටී.
එය කියුබාව මෙම සමුළුවට සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙන්ම, මෑතකදී යළි සබඳතා අලුත් කරගත් කියුබා හා ඇමෙරිකානු නායකයන්ගේ හමුවක් ලෙසද සැලකෙයි.
ඔවුන් මිට පෙර හමුවූයේ නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුල් උත්සවයේදීය.
පැනමාවට පැමිණීමෙන් පසුව ඇමෙරිකානු ජනාධිපති ඔබාමා හා කියුබා නායක රාහුල් කැස්ත්‍රෝ දුරකථනයෙන් කතා කර ඇත.