පුරුෂ ජනනේද්‍රිය බද්ධ කිරීමේ සාර්ථක සැත්කමක් ඇමෙරිකාවේදී සිදුකරමින් වෛද්‍ය විද්‍යාවේ සුවශේෂී සංධිස්ථානයක් සනිටුහන් කර තිබේ.
මෙම ශල්‍යකර්මයට භාජනය වූ 64 හැවිරිදි තෝමස් මැනින්ගේ නැමැත්තාගේ ජනනේද්‍රිය මීට වසර 3කට පෙර කපා ඉවත් කර තිබෙන්නේ පිළිකා තත්ත්වයක් හේතුවෙනි.
මෙම සැත්කම කිරීම සඳහා අවයව පරිත්‍යාගයක් හරහා ඔහුට අවස්ථාව ලැබී ඇති බවත්, මෙවැනි ශල්‍යකර්මයකට භාජනය වූ ලොව තෙවැනි පුද්ගලයා ඔහු බවත් විදෙස් වාර්තා පවසයි.
පැය 15ක කාලයක් මෙම ශල්‍යකර්මය සඳහා ගතවී ඇති අතර, ඒ වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරු රැසක් සම්බන්ධ වී තිබේ.
ඉදිරි මාස කිහිපය තුළ ඔහුට සාමාන්‍ය පරිදි මුත්‍රා කිරීමටත්, තවත් කල්යාමේදී ලිංගික ක්‍රියාකාරීත්වය පවා ප්‍රකෘති තත්ත්වයට පත්වනු ඇති බවත් වෛද්‍යවරු පවසා ඇත.