ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නුවර ඊයේ (05දා) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔර්ලන්ඩෝ කර්මාන්ත පුරයේ සිදුවූ මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පසුව තමාටද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
ඔහු මෙම කර්මාන්ත ශාලාවේ සේවය කළ අයෙකු බවත්, පසුගිය අප්‍රේල් මාසයේදී ඔහු සේවයෙන් පහ කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට ප්‍රහාරකයා කිසියම් ත්‍රස්ත සංවිධානයක හෝ අන්තවාදී අදහස් දරන්නෙකුද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවෙයි.
ඔර්ලන්ඩෝ නුවර 'පල්ස්' රාත්‍රී සමාජ ශාලාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 49 දෙනෙකු මරුමුවට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමට වසරක් ගතවීමට දින කිහිපයක් තිබියදී මෙම ප්‍රහාරය වාර්තා වීමද විශේෂත්වයකි.
මෑත ඉතිහාසය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු වූ බරපතලම මහා වෙඩි තැබීම ලෙස සැලකෙන පසුගිය වසරේ ජුනි මාසයේ සිදු වූ ප්‍රහාරයේදී ඔමාර් මටීන් විසින් සමලිංගිකයන් ගැවසෙන රාත්‍රී සමාජ ශාලාවකට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් 49 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුවූ අතර, පසුව පොලිස් වෙඩි පහරින් ඔහු ජීවිතක්ෂයට පත්විය.