නීතිවිරෝධී ආකාරයෙන් ඇමෙරිකානු දත්ත අනාවරණය කිරීම සහ ඒවා විදෙස් බුද්ධි අංශ සමග හුවමාරුකර ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සිව්දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති බව නීතිපති ජෙෆ් සෙෂන්ස් පවසයි.
ඇමෙරිකාවේ ප්‍රධානතම අභිචෝදකයා අවධාරණය කරන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට මෙවැනි අතිශය සංවේදී දත්ත පිටතට යෑමේ පැහැදිලි වර්ධනයක් වාර්තා වී ඇති බවයි.
ජෙෆ් සෙෂන්ස් ඊයේ (04දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ යම් රටක නායකයන් විදෙස් නායකයන් සමග විශ්වාසයෙන් යුතුව නිදහසේ කතා නොකරන්නේ නම් එවැන්නකින් කිසිදු රජයකට සෙතක් නොවනු ඇති බවයි.
තමන් මේ අවස්ථාවේදී බලවත් ලෙස ජනාධිපති ට්‍රම්ප්ගේ මතයට එකඟවන බව පවසා ඇති සෙෂන්ස්, දත්ත පිටතට යෑම සම්බන්ධ සිද්ධි වර්ධනය වීම හෙළා දකින බවද පවසා තිබේ.
එය ඇමෙරිකාව ආරක්ෂා කිරීම සඳහා රජය ගන්නා උත්සාහය පහත හෙළීමක් බවද හෙතෙම අවධාරණය කර ඇත.