ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක පන්ති කාමරයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් වැඩිහිටියන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරය සිදුකළ තැනැත්තා තමන් සමග අමනාපව සිටින එම පාසලේ ගුරුවරියක ලෙස සේවය කරන බිරිඳ ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
මේ අතර, අදාළ කාන්තාව අසල සිටි කුඩා දරුවන් දෙදෙනෙකුටද වෙඩි වැදී ඇති අතර, පසුව එක් දරුවෙකු සිය තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසති.
පසුව මෙම තැනැත්තා තමා වෙතට ගිනි අවිය හරවා සියදිවි හානිකර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට වේලාවෙන් අද උදෑසන 10.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ නෝර්ත් පාර්ක් ප්‍රාථමික පාසල තුළය.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 15 දෙනෙකු එම පන්ති කාමරය තුළ සිට ඇති අතර, අමුත්තෙකු ලෙස සිය ගිනි අවිය සඟවාගෙන පාසලට ඇතුළු වී ඇති මෙම පුද්ගලයා පසුව වෙඩි තැබීම සිදුකර තිබේ.
වයස අවුරුදු 9ක දරුවෙකු මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.