ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කා පාන්තයට ඔබ්බෙන් සාගරයේ සිදුවූ රික්ටර් පරිමාණ 7.9ක භූ කම්පනයකින් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
කොඩියැක් නගරයට ගිනිකොණින් කිලෝමීටර් 280ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේ, කිලෝමීටර් 25ක් ගැඹුරින් මෙම භූ කම්පනය ඇතිවී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ඇමෙරිකාන ජාතික කාලගුණ සේවාව පවසා සිටියේ මෙම සුනාමි අනතුරු ඇඟවීම ඇලස්කා සහ බ්‍රිටිෂ් කොලොම්බියා යන ප්‍රාන්තවල වෙරළාශ්‍රිතව ජීවත්වන අය ඉලක්ක කරමින් පැනවූ බවයි. එමෙන්ම, සුනාමියක් පිළිබඳ අවධානයෙන් පසුවන බවද එහි සඳහන් කර තිබෙ.
කෙසේ වෙතත්, හවායි සහ ගුවාම් යන දූපත් වෙත පනවා තිබූ සුනාමි අනතුරු ඇඟවීම් පසුව ඉවත් කර තිබුණි.
පොලිස් දැනුම්දීම් අනුම ඇතැම් වරායවල තරමක ජලය වැඩිවීමක් වාර්තා වී ඇති අතර. කොඩිඇක් පොලීසිය මේ පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් සිටියි.