සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඇමෙරිකාව විසින් සිරියාව වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්රකාශිකාවක් මේ බව පවසා සිටියාය.
චීන ජනපති ෂී ජින්පිං ඇමෙරිකාවේ සංචාරයක නිරතවෙමින් එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ප්‍රථම වරට මුහුණට මුහුණ සාකච්ඡාවල නිරතව සිටියදී මෙම ප්‍රහාරය එල්ල වීමද විශේෂත්වයකි.
සිරියානු රජයේ හමුදා විසින් කැරලි හමුදා පාලනයේ පැවති ප්‍රදේශයක් වෙත විෂ රසායනික ප්‍රහාරයක් එල්ල කළ බව කියමින් ඇමෙරිකාව මෙම ප්‍රහාරය එල්ල කර තිබුණි.
එවැනි විෂ රසායනික ප්‍රහාරයක් හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවද විදෙස් වාර්තා පැවසීය.