ඇමෙරිකාව වෙත ඉදිරියේදී වැඩිපුර සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බව ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන්.එස්.ඒ) නියෝජ්‍ය අධ්යක්ෂ රිචඩ් ලෙඩ්ගෙට් පවසයි.
බී.බී.සී.ය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ ඔබ අන්තර්ජාලය සමග සම්බන්ධ වූයේ නම්, සයිබර් ප්‍රහාරයකට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාවක් මේ වනවිට උදාවෙමින් ඇති බවයි.
ඒ අනුව, අන්තර්ජාලය පරිශීලනය කිරීමේදී රතු කට්ට පැනීමේ සීමාව දැනගෙන කටයුතු කළ යුතු බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා අවධාරණය කරයි.