ඇමෙරිකාව වෙත රටවල් කිහිපයකින් සිදුවන සංක්‍රමණ තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව ගෙනයන විරෝධතා මෙන්ම, එරට ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු පිටවීම පිටුපස හිටපු ජනපති බරැක් ඔබාමා සිටින බව තමා විශ්වාස කරන්නේ යැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
"මා හිතන්නෙ හිටපු ජනපති ඔබාමා මේ පිටුපස සිටින බවයි. මොකද එයාගෙ මිනිස්සු තමයි, නිසැකවම මේක පිටුපස්සෙ ඉන්නෙ. කොහොම වුණත් මේක සාමාන්‍ය දේශපාලනික ක්‍රියාවක් වෙන්නත් පුළුවන්" මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවන් පිටුපස ඔබාමා සිටින බව තහවුරු කිරීම සඳහා ජනපති ට්‍රම්ප් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළ අතර, ඔහු පවසා සිටියේ තමන් එවැන්නක් විශ්වාස කරන බවය.
එමෙන්ම, ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වෙන මාධ්‍ය සගයන් වෙනුවෙන් පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී නොවීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති ට්‍රම්ප් පවසන්නේ, මාධ්‍ය අසත්‍ය ප්‍රචාර කරන බවට චෝදනා කරමින් ඔවුන් වෙනුවෙන් පැවැත්වෙන භෝජනයට සහභාගී වූයේ නම් තමා කුහකයෙකු වන බවයි.