ඇමෙරිකානු ජාතික සහන සේවිකාවක වූ 26 හැවිරිදි කෙයිලා මියුඑල්ලර් පසුගිය පෙබරවාරි මාසයේදී ඝාතනය කිරීමට පෙර ඇයව IS සංවිධානයේ නායකක අබු බකර් අල්-බග්දාදි විසින් දූෂණය කොට ඇති බව ඒ.බී.සී. පුවත් ජාලය පවසයි.
ඇමෙරිකානු බලධාරීන් උපුටා දක්වන ඔවුන් පෙන්වා දෙන්නේ ඉස්ලාමීය අන්තවාදී නායකයා අතින් අසීමාන්තික ලෙස ඇය දූෂණයට ලක්ව ඇති බවයි.
සිරියාවේ ඇලෙප්පෝ නගරයේ සහන සේවාවල යෙදෙමින් සිටියදී අන්තවාදීන්ගේ ග්රහණයට ඇය නතු වූයේ 2013 වසරේදීය.
ජෝර්දාන ගුවන් ප්රහාරයක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්වූ බව අන්තවාදීන් පැවසුවත්, ඇමෙරිකාව කියන්නේ එය ඉස්ලාමීය අන්තවාදීන්ගේම ප්රහාරයක් බවයි.