සිරියාව වෙත තවදුරටත් සහයෝගය නොදක්වන ලෙස ඇමෙරිකාව දැඩිව කියා සිටින පරිසරයක ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් රුසියාවේ සංචාරයක නිරතව සිටියි.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මොස්කව් වෙත පැමිණි රෙක්ස් ටිලර්සන්, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සමග සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සාකච්ඡා වටය දෙරට අතර පවතින දුරස්ථබව තුරන් කරනු ඇතැයි ටිලර්සන් පෙන්වා දෙයි.