දකුණු චීන මුහුදේ ඇමෙරිකානු යුද නෞකා විසින් සාමාන්‍යයෙන් සිදුකරන සෝදිසි මෙහෙයුම් මෙවරත් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ මෙවැනි මෙහෙයුම් සිදුවේද, නොවේද යන දෙගිඩියාවක් පැවතියත්, යූ.එස්.එස්. කාල් වින්සන් ගුවන් යානා හාරක යුද නෞකාව පෙරටු කරගෙන ඇමෙරිකානු යුද නෞකා මෙම මෙහෙයුමට එක්ව තිබේ.
මෙම මුහුදු කලාපයේ පවතින කොරල්, කොදෙව් සහ නොගැඹුරු ස්ථාන රැසක අයිතිය චීනය විසින් පවසන අතර, ඔවුන් මේ ආශ්‍රිතව වසර කිහිපයක සිට කෘත්‍රිම දූපතක්ද ඉදිකරමින් සිටියි.
මෙම යුද නෞකාව මීට පෙර මෙම මුහුදු කලාපයට පැමිණ තිබුණේ මීට වසර දෙකකට පමණ පෙරය. ඒ මැලේසියානු නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමග යුද අභ්‍යාසයක් වෙනුවෙනි.
ඇමෙරිකානු නාවුක සේවා ඉතිහාසයේ වසර 35ක අත්දැකීම් ඇති මෙම යුද නෞකාව අවස්ථා 16කදී මෙම මුහුදු කලාපය වෙත පැමිණ ඇති බවද සඳහන් වෙයි.