ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානී මයික් පොම්පේ උතුරු කොරියාව වෙත ගොස් එරට නායක කිම් ජොන්ග් - උන් මුණගැසෙන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පවසයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර පැවැත්වීමට නියමිත මුහුණට මුහුණ සාකච්ඡාවට පසුබිම සැකසීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයාද මීට පෙර පවසා තිබුණේ තමන් උතුරු කොරියාවේ ඉහළ මට්ටමේ සාකච්ඡාවකට සූදානමින් සිටින බවයි.
කෙසේ වෙතත්, බුද්ධි අංශ ප්‍රධානියාගේ මෙම හදිසි සංචාරයත් සමග වර්ෂ 2000 න් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට උතුරු කොරියාව සමග සමීප සබඳතාවක් ගොඩනැගී ඇති බව පිළිබිඹු කරන්නේ යැයිද එම මාධ්‍ය වාර්තා පවසයි.