ඕනෑම ආකාර බලගතු හමුදාකට මුහුණදීමට තම හමුදා ශක්තිමත් බව කොරියානු අර්ධද්වීපය වෙත ඇදෙන ඇමෙරිකානු නෞකා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් එරට රජයේ පුවත් සේවය පවසන්නේ මේ ආකාරයෙන් තම කලාපයේ හමුදා ස්ථානගත කිරීම සාහසික ආක්‍රමණයක් බවයි. එමෙන්ම, මෙය අතිශය අවදානම් අවස්ථාවක් වෙත ගමන් කර ඇති බවද ඔහු පවසා තිබේ.
මේ අතර, ඇමෙරිකානු පැසිෆික් විධානය පවසන්නේ කලාපයේ පවතින උණුසුම් තත්ත්වය වෙත සූදානමක් ලෙස මෙම ස්ථානගත කිරීම සිදුකළ බවයි.
උතුරු කොරියාවෙන් පැන නගින ඕනෑම ආකාරයක න්‍යෂ්ටික තර්ජනයකට තනිව හෝ මුහුණ දීමට ඇමෙරිකාව සූදානම් බව පසුගියදා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේය.