ඇමෙරිකාවේ, මේරිලෑන්ඩ් ප්රාන්තයේ නිවසක් තුළ දරුවන් හත් දෙනෙකු සමග පියෙකු මියගොස් සිටි බව විදෙස් වාර්තා පවසයි. පොලීසිය පවසන පරිදි මෙම මරණයට හේතුව කාබන් මොනොක්සයිඩ් විෂ වීමකි.
නිවසේ විදුලිබිල නොගෙවීම හේතුවෙන් ජෙනරේටරයක් භාවිත කරමින් නිවසට විදුලිය ගෙන එය උණුසුම්ව තබාගැනීමට එම පියා කටයුතු කර ඇති බවත්, මේ හේතුවෙන් කාබන් මොනොක්සයිඩ් වායුව නිවස තුළ පිරී එය විෂ වීමෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවත් පොලීසිය විශ්වාස කරයි.
මෙම මරණ හේතුවෙන් 36 හැවිරිදි රොඩ්නි ටොඩ් සහ ඔහුගේ පුතුන් දෙදෙනා හා දූවරුන් පස් දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.