ඇමෙරිකාවේ, නිව්ජර්සි හි හොබොකෙන් දුම්රිය ස්ථානයේදී අධික වේගයෙන් පැමිණි දුම්රියක් පිලි පනිමින් දුම්රිය ස්ථානයට කඩා වැදීම නිසා එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
බ්රහස්පතිනිදා උදෑසන කාර්ය බහුල වේලාවකදී සිදුවූ මෙම අනතුරින් දුම්රිය ස්ථානයටද දැඩි අලාභානි සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
නිව්යෝක් නගරයේ අතිශය කාර්යබහුල දුම්රිය ස්ථානයක් ලෙස සැලකෙන මෙහි එක් පැත්තක වහලය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබූ බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
දුම්රියේ සිටි මගියෙකු කියා සිටියේ එහි ඉදිරිපස දුම්රිය මැදිරිය පිලි පනිමින් දුම්රිය ස්ථානයට කඩා වැදීමත් සමග දුම්රිය ස්ථානයේ වහලය කඩා වැටුණු බවයි.
ඇමෙරිකාවේ ජාතික ප්රවාහන ආරක්ෂණ මණ්ඩලය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විදෙස් වාරතා පවසයි.