‘හොඳට නරකට දෙකට කටමය’ යැයි කියන්න වගේ, ‘හොඳට නරකට දෙකට අන්තර්ජාලයමයි’ කීම වරදක් නොවන මට්ටමටම අද වනවිට අන්තර්ජාලය මිනිසුන් වෙත යහපත මෙන්ම අයහපතද වපුරමින් සිටී.
අප මේ කතා කරන්නට යන ප්රවෘත්තියද ඒ අන්තර්ජාලයම අයහපත වෙනුවෙන් ඔසවා තැබූ අවස්ථාවකි.
එය ප්‍රසිද්ධ වෙන්දේසියකි. නමුත්, සියලු විකුණුම් ඉක්මවා ගිය වෙන්දේසියකි. එහි වෙන්දේසි වන්නේ ලෝක සාරධර්මයන් හා සභ්‍යත්වයන් යැයි පැවසීමද අතිශයෝක්තියක් නොවේ.
මේ වෙන්දේසිය මෙහෙයවන්නේ ඇමෙරිකානු ජාතික වෛද්‍ය ශිෂය්යාවකි. ඇය නමින් එළිසබෙත් රෙයින් ය. ඇගේ වයස අවුරුදු 27කි.
ඇය අන්තර්ජාලය හරහා වෙන්දේසි කිරීමට සැරසෙන්නේ ඇගේම කන්‍යාභාවයයි. මේ අන්තර්ජාල වෙන්දේසිය සම්පූර්ණමෙන්ම මුදල් සෙවීමේ පරමාර්ථයෙන් සිදුකරන්නක් බව ඇය නොපැකිලිව පවසයි.
ඒ ගනුදෙනුව සඳහා ඇ.ඩො.ලක්ෂ 4ක් (රු.කෝටි 5.20ක් පමණ) බලාපොරොත්තු වන බවද ඇය අවධාරණය කරයි.
යමෙකු ඉන් ඔබ්බට ලන්සුවක් තැබූවද ඒ ඉහළම ලන්සුවට තම කන්‍යාභාවය වෙන්දේසි කිරීමට ඇය සැදී පැහැදී සිටියි.
මෙම වෛද්‍ය ශිෂ්‍යාව පවසන්නේ, තමන්ට මුදල් සෙවීමට ඇති පහසුම විදිය මෙය බවයි. තමන් මීට පෙර කිසිදු පිරිමියෙකු සමග ලිංගිකව හැසිරී නොමැති බව සපථ කරන ඇය, කිසිදු පිරිමියෙක් තම නිරාවරණය වූ ශරීරය දැක නැති බවත් කියයි.
ඇමෙරිකාවෙන් වාර්තා වන ආකාරයට රෙයින්ගේ මිතුරියන් මේ වෙන්දේසියට උපරිම සහාය දුන්නත්, ඇගේ සහෝදරයා නම් මීට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවද කියැවෙයි.
ඇය තම බ්ලෝග් අඩවිය හරහා මෙම වෙන්දේසිය මෙහෙය වන අතර, අප්‍රේල් මස 01 වැනිදා (මෝඩයාගේ දිනයේ සිට) ඇය මෙම වෙන්දේසිය ආරම්භ කරන බව පවසයි.
තමාගේ වෙන්දේසියෙන් ලැබෙන මුදලින් නියමිත බදු ගෙවීමටත්, ඉන් 35%ක් පුණ්‍යායතනයකට පරිත්‍යාග කිරීමටත් බලාපොරොත්තු වන බවද ඇය කියයි.
වෙන්දේසිය තුළින් තමන්ව ලබාගැනීමට බලාපොරොත්තු වන තැනැත්තා ගැන කිසිදු කොන්දේසියක් ඇය ඉක්වා නොමැති අතර, ලන්සුව ඉහළ නම් ඒ කවරෙකු වුවත් කම් නැති බව ඇය පවසා ඇති බවද වාර්තා වෙයි.
නමුත්, වෙන්දේසියේ ගනුදෙනුවට පෙර ඔහු සමග යම් කතාබහක් කිරීමට තමන් බලාපොරොත්තු වන බව පමණක් ඇය කියයි.
එහිදී වෙන්දේසිය වැඩිම ලන්සුව තබන තැනැත්තාට පැය 12ක කාලයක් සුපිරි හෝටලයක තමන් සමග ගත කිරීමට අවස්ථාව සැලසෙන බව ඇය කියයි.
මේ සිදුවීම අප වාර්තා කරන්නේ ඔබටත් තවත් වෙන්දේසියක් දැමීමට කියා ආරාධනයෙන් නම් නොවෙයි. මෙම ලිපිය ආරම්භයේදීම සඳහන් කළ ආකාරයට වර්තමානයේදී ‘හොඳට නරකට දෙකට අන්තර්ජාලයමයි’ නොවේද යන්න ඔබට සපථ කිරීම සඳහාය.