ඇමෙරිකානු ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ජනප්‍රිය පුද්ගලයන්ගේ සහාය ලබාගැනීමට ප්‍රධාන අපේක්ෂකයන් කටයුතු කරන බව විදෙස් වාර්තා පවසයි.
පසුගියදා ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය වෙනුවෙන් තරග වදින හිලරි ක්ලින්ටන්, ජනප්‍රිය පොප් ගායිකාවක වන කෙටී පෙයරි සමග තම මැතිවරණ ප්රචාක රැළියකට සහභාගී වන ආකාරය දැකිය හැකි වියි.
මේ අතර, ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය වෙනුවෙන් තරග වදින බර්නි සැන්ඩර්ස්ගේ මැතිවරණ ප්රචාරක රැළිය තුළ හොලිවුඩ් නිළි සුසෑන් සැරන්ඩොන් දැකිය හැකිය.
ඔවුන් රැගත් විවිධ වෙළෙඳ දැන්වීම්ද මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ වඩාත් කතාබහට ලක්වන අතර, මෙහිදී ඩිමොක්රටික් අපේක්ෂකයන් අතර මෙම ජනප්‍රිය තරු පසුපස යෑමේ ලක්ෂණය බහුල වශයෙන් දැකිය හැකි බවද කියැවෙයි.
මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය වෙනුවෙන් තරග වදින අපේක්ෂකයන් අතර දැනටමත් පෙරමුණේ සිටින ප්‍රකෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිටත් දිනා සිටින අසාමාන්‍ය ජනප්‍රියත්වයද ඩිමොක්රටික් අපේක්ෂකයන්ගේ මෙම ජනප්‍රිය උන්මාදයට හේතුවක් විය හැකි බවද කියැවෙයි.