වසර හයකට පසුව ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඩවු ජෝන්ස් ඉන්ඩස්ට්‍රියල් ඇවරේජ් දර්ශකය ඒකක 1,175කින් හෙවත් 4.6%ක පහළ යෑමක් පෙන්වා තිබේ.
මේ තත්ත්වයත් සමග ප්‍රකාශයක් නිකුත් කර ඇති ධවල මන්දිරය ආයෝජකයන්ට පවසා ඇත්තේ ට්‍රම්ප් පාලනය දීර්ඝ කාලීන ආර්ථික ස්ථාවරත්වයක් අපේක්ෂා කරන බවත්, එය තවදුරටත් ශක්තිමත්ව පවතින බවත්ය.
මේ අතර, ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ ට්‍රම්ප් ජනපති ධුරයට පත්වූ අවස්ථාවේ සිට කොටස් වෙළෙඳ පොළ ඉහළ යෑම් සම්බන්ධයෙන් වරින් වර පවසා සිටියත් එය යථාර්ථයක් නොවන බවයි.
මේ අතර, ඇමෙරිකානු ආරක්ථික විශේෂඥයන් පවසන්නේ කොටස් වෙළෙඳ පොළ කෙටි කාලීන පහළ යෑමක් පෙන්වූවත් ඇමෙරිකානු ආර්ථිකය බලාපොරොත්තු වූවාටත් වඩා ශක්තිමත්ව පවතින බවයි.