තමා නිපදවූ ඔරලෝසුවක් ධවල මන්දිරයට රැගෙන යාමේදී විවාදයට තුඩුදුන් අහ්මෙඩ් මොහොමඩ් නමැති 14 හැවිරිදි ඇමෙරිකානු දරුවා සිය පවුල සමග කටාර් හි පදිංචියට යන බව බී.බී.සී.ය කියයි.
අධ්‍යාපනය සඳහා වූ කටාර් පදනමෙන් ලැබුණු විද්‍යා හා ප්‍රජා සංවර්ධන ශිෂ්‍යත්වයක් බාරගනිමින් ඔහු කඩාර් වෙත සංක්‍රමණය වීමට තීරණය කර ඇති අතර, ඊට පෙර පසුගිය සඳුදා ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාද හමුවී තිබේ.
ඔහු නිපදවූ ඔරලෝසුව ධවල මන්දිරයට රැගෙන ඒමේදී, දරුවා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජජාලවල ප්රවෘත්ති මැවුණු අතර, මෙය වර්ගවාදය පදනම් කරගත්තක් බව කියවුණි. කෙසේ වෙතත්, ඇමෙරිකානු ආරක්ෂක බලධාරීන් පවසා සිටියේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙනු සිදුකළ ක්‍රියාවක් පමණක් බවයි.