IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ඉලක්ක කරමින් ඇමෙරිකාව විසින් එදාමෙදා තුර හෙළන ලද න්‍යෂ්ටික නොවන අධිබල බෝම්බයෙන් මියගිය ත්රසතයන් සංඛ්‍යාව 90ක් පමණ වන බව තහවුරු වේ.
සියලු බෝම්බවල මව යන නාමයෙන් හැඳින්වෙන මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස ගැන කලින් අනුමාණ කළ ප්‍රමාණය දෙගුණයකින් පමණ ඉක්මවා යන අවස්ථාවක් ලෙස මෙය සැලකේ.
කෙසේ වෙතත්, මෙම බෝම්බ ප්‍රහාරයෙන් තමන්ට කිසිදු හානියක් නොවූ බවට ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් උදම් අනන බවත් වාර්තා වේ. නමුත්, මෙය තමන්ට සිදුවූ බලවත් හානිය වසා ගැනීමට ඔවුන් ගෙනයන ප්‍රචාරයක් බවද බලධාරීහු තහවුරු කරති.
ඇමෙරිකානු හමුදා ප්‍රධානීන් පවසන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ගැවසෙන භූගත උමං ජාලයක් හා ඔවුන්ගේ ගුහා කිහිපයක් පිළිබඳ ලද පැහැදිලි බුද්ධි තොරතුරු අනුව මෙම අධිබල බෝම්බය එල්ල කළ බවයි.
ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකානු හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් ජෝන් නිකොල්සන් පවසන්නේ උපායමාර්ගික අවශ්‍යතා පදනම්ව මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවයි.
එමෙන්ම, මෙම ප්‍රහාරයත් සමග ඇමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාම් රාජ්‍ය පරාජයට පත්කිරීමේ සැලසුම් දැඩි කර ඇති බව ගම්‍ය වන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට ලෝකයටම තර්ජනයක් වී ඇති ඉස්ලාම් අන්තවාදයෙන් ලෝකයේ බලවත් රාජ්‍යයන් මෙන්ම, ආසියානු හා දකුණු ආසියානු රාජ්‍යයන්ටද හිසරදයක් වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.