උතුරු කොරියානු තර්ජනවලට දකුණු කොරියානු හා ඇමෙරිකානු යුද ශක්තිය විදහා පෑමේ වාර්ෂික ෆෝල් ඊගල් ඒකාබද්ධ යුද අභ්‍යාසය මේ දිනවල දකුණු කොරියාවේදී ආරම්භ වී තිබේ.
ඇමෙරිකානු මෙරීන් භටයන් සහ දකුණු කොරියානු හමුදා සාමාජිකයන් එකතුව සිදුකරන මෙම යුද අභ්‍යාසයේදී දියගොඩ දෙකෙහිම භාවිත කරන සුවිශේෂී යුද ටැංකි මෙන්ම, ගුවනේ පුපුරායන දුම් බෝම්බවලින් අපූර්ව ත්‍රාසයක් මවා තිබුණි.
කොරියානු අර්ධද්වීපයේ මෙම උණුසුම් තත්ත්වය අද ඊයේ සිට පවතින්නක් නොවන අතර, දෙපාර්ශ්වයම තම යුද ශක්තිය පෙන්වමින් දෙපාර්ශ්වය වෙත තර්ජනයන් සිදුකරමින් සිටියි.
විශේෂයෙන්ම උතුරු කොරියානු නායකත්වයට නාහෙට නාහන තරුණ නායකයෙකු වන කිම් ජොන්ග්-උන් පත්වීමත් සමග මෙම තත්ත්වය තවත් උග්‍ර අතට හැරී තිබෙන බවද නොරහසකි.
මේ අතර, වර්තමානයේදී ඇමෙරිකාවේ නව නායකත්වයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප්ද උතුරු කොරියාවේ වැඩි දැඟලිල්ලට වැඩි ඉඩක් නොදෙනු ඇති බව සඳහන් වෙයි.