පුළුන් පුරවා සැකසූ මියගිය වන සතුන්ගේ එකතුවක් ඉන්දුනීසියානු අමාත්‍යවරයෙකු විසින් පොලීසිය වෙත භාරදී තිබේ.
මෙම වන සතුන් එකතුව ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාරයක් ලෙස අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.
ඉන්දුනීසියානු නීතිය අනුව ජීවතුන් අතර සිටින හෝ මියගිය දුර්ලභ වන සතුන් ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.
ඉන්දුනීසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කායෝ කුමෝලෝ සමග සිදුවූ රූපවාහිනී සාකච්ඡාවකදී ඔහු තම නිවසේ වූ මෙම සත්ව රූප මහත් අභිමානයෙන් ඉදිරිපත් කිරීමත් සමග ඔහුට චෝදනා නැඟෙන්නට විය.