ඇමෙරිකාවේ තාක්ෂණික සමාගම් අතර පෙරමුණේ පසුවන ඇපල් සමාගම කාර්තුවක් තුළ ඉහළම ආදායම ලැබූ සමාගම ලෙස වාර්තාවක් තබා ඇත.
ඒ අනුව, ඇපල් සමාගම සිය ප්රථම ෆිස්කල් කාර්තුවේදී ඇ.ඩො.බිලියන 18 ක දළ ලාභයක් ලබා තිබේ. මීට පෙර එක්සොන් මොබයිල් සමාගම ඇ.ඩො.බිලියන 15.9ක් ලබාගෙන තබා තිබූ වාර්තාව මේ සමග බිඳ වැටෙන අතර, එය ඔවුන් තබා තිබුණේ 2012 දෙවැනි කාර්තුවේදීය.
ඇපල් සමාගමේ අයිෆෝන් අලෙවිය මෙම වාර්තාගත ආදායම කෙරෙහි හේතුවක් වී අති බව කියැවෙයි.
දෙසැම්බර් 27 වැනිදායින් අවසන් වූ මාස තුනක කාලයට ඇපල් සමාගම විසින් අලෙවි කර ඇති අයිෆෝන් සංඛයාව මිලියන 74.5කි.