ඇපල් සමාගමේ ප්රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ මූලික වැටුප පසුගිය පෙබරවාරි මාසයේ සිට 43% කින් ඉහළ නංවා ඇති බව එම සමාගම පවසයි.
ඒ අනුව, ඇ.ඩො.මිලියන 1.4 සිට ඇ.ඩො.මිලියන 2 දක්වා ටිම්ගේ වැටුප ඉහළ නංවා ඇති අතර, ඒ අනුව, ඔහුගේ සමස්ත වේතනය 2014 දී ඇ.ඩො.මිලියන 9.2ක දක්වා දෙගුණයකින් වර්ධනය වී තිබේ.
මේ අතර, ඇපල් සමාගමේ සෙසු විධායක නිලධාරීන්ගේද මූලික වැටුප්ද මේ සමග ඇ.ඩො. මිලියනය දක්වා ඉහළ නැංවී තිබේ.
නිව්යෝක් කොටස් වෙළෙඳ පොළ තුළ ඇපල් සමාගමේ කොටස් පසුගිය වසර තුළ වාර්තාගත ඉහළ යෑමක් පෙන්වූ අතර, අයිෆෝන් මිලියන 40ක් අලෙවි වී තිබුණි.