(Video) බළල් කුලයේ ලොකු කෙනෙකුට පොඩි කුලේ කෙනෙක් දාපු පොඩි චණ්ඩිකමක් ගැන සුවිශේෂී වීඩියෝවක් අන්තර්ජාලයට මුසුවෙලා.
බැලූ බැල්මටම සිනහ උපදවන වීඩියෝවක් වුණත්, මේ වීඩියෝව ඇතුළෙ ලොකු කතාවක් කියවුණා කියල කිව්වත් වැරදි නැහැ.
ඇමෙරිකාවේ, ටෙක්සාස් හි වන සත්ත්ව ආරක්ෂණ මධ්‍යස්ථානයකදී, එය භාරව කටයුතු කරන ඩෙරික් ක්‍රාන් තමයි මේ වීඩියෝවේ හිමිකරුවා.
මේ මධ්‍යස්ථානයේ හැදී වැඩෙන බැගී කියන බැළලියක්, ඒ මධ්‍යස්ථානයේම ආරක්ෂිතව හැදී වැඩෙන නෝවි කියන වැඩුණු සිංහදේනුවකට දාපු පුදුම එළවන චණ්ඩිකමක් තමයි එහි දැකගන්න ලැබුණෙ.
ඩෙරික්ගේ ආදරය ලබන බැගී කියන බැළලිය, මධ්‍යස්ථානයේ එළිමහනට වෙලා ඩෙරික් සමග බොහොම කෙළිදෙළින් ඉන්න අතරතුර නෝවි සිංහයාගේ කූඩුව මෙයාට ඇහැ ගැටෙනවා.
බොහොම වේගයෙන් ඒ දෙසට දිව යමින් මදක් නිසොල්මනේ කුරුමානම් බැල්මක ඉන්න බැගී, එක්වරම තම පුම්බාගත් ලොම් කබායත් සමග වළිගය උස්සාගෙනම නෝයි සිංහයා දෙසට පනින්නෙ නොහිතූ මොහොතකයි.
මේ සිදුවීමෙන් සිංහයා තිගැස්සිලා පස්සට වීසිවෙන්නෙ තමන් ඉදිරියේ ඉන්නෙ පුංචි පූස් නාම්බෙක් කියන හැඟීමත් අමතකවයි. නමුත්, තමන්ගෙ චණ්ඩිකම එක වතාවකට සීමා නොකරන බැගී, දෙතුන් පාරක් මේ දැවැන්ත සිංහයා ඉස්සරහට පනින්නෙ තමන්ගෙ ශරීර ශක්තියට වඩා, හිතේ හයිය පෙන්වන්න වගෙයි.
මේ සිදුවීම වන අවස්ථාවෙදි කූඩුවක ඉන්න නෝවි සිංහයාට, බැගී පූසගෙ චණ්ඩිකම් බලාගෙන පොඩි ගෝරණාඩුවක් කරනව හැරෙන්න කරකියා ගන්න කිසිම දෙයක් තිබුනෙ නැහැ.
කොහොම හරි, තමන්ගෙ චණ්ඩිකම් විනාඩි කිහිපයකින් අවසන් කරන බැගී, නෝයි සිංහයගෙ ගෝරණාඩුවකින් පොඩ්ඩක් තිගැස්සිලා ගියත්, තමන්ගෙ අභිමානය නම් පොඩ්ඩක්වත් අඩුකළේ නැති බව පැහැදිලියි.
මොකද, බැගී, නෝවි ඉදිරියේ උස්සගෙන හිටිය තමන්ගෙ වළිගය ඒ සෘජු ඉරියව්වෙන්ම තියාගෙන තමයි, හිමින් සීරුවට යන්න ගියෙ.
VIDEO