ආර්ජන්ටිනාවේ කර්ච්නර් වරුන්ගේ පාලනයෙන් වසර 12කට පසුව එරටට නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ මැතිවරණයට ගොස් තිබේ.
එරට වත්මන් ජනාධිපතිනී ක්‍රිස්ටිනා ෆර්නැන්ඩේස් ඩි කර්ච්නර් අවස්ථා දෙකකදී එරට ජනාධිපති ධුරය හෙබවූ අතර, ආර්ජන්ටිනා ව්‍යවස්ථාවට අනුව ඇයට තෙවැනි වර මැතිවරණයට ඉදිරිපත් විය නොහැක.
කෙසේ වෙතත්, ඇය නියෝජනය කරන වාමාංශික බල කඳවුරෙන් ඩැනියෙල් සියෝලි ඉදිරිපත්ව සිටින අතර, ඔහු තරගයේ ඉදිරියෙන්ම සිටින බව වාර්තා වෙයි.
නමුත්, මධ්‍ය දක්ෂිණාංශික නායකයෙකු වන, බියුනෝස් එයාර්ස් ආණ්ඩුකාර මොවුරිසිඕ මාර්සිද ඔහුට හොඳ තරගයක් ලබාදෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
එමෙන්ම, හිටපු කර්ච්නර් සගයෙකු වන සර්ජිඕ මස්සාද මෙවර තරගයට ඉදිරිපත්ව සිටින අතර, ඔහු මාර්සිට පසුපසින් සිටින බව කියැවෙයි.