ලොව ඉහළම ආයු අපෙක්ෂාවක් භුක්ති විඳින්නන් ලෙස දකුණු කොරියානු කාන්තාවන් ලොව අනෙකුත් රටවල කාන්තාවන් අභිභවා අවුරුදු 90ක සාමාන්‍යයක් පෙන්වන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
කාර්මීකරණය වූ රාජ්‍යයන් 35ක ආයු අපේක්ෂාව සම්බන්ධයෙන් ඉම්පීරියල් කොලේජ් ලන්ඩන් සහ ලෝක සෞඛ්‍ය සංවධානය විසින් සිදුකළ මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇති කරුණු අනුව, 2030 වනවිට එම රටවල් සියල්ලෙහි ජනතාවට දිගු ආයු කාලයක් අපේක්ෂා කළ හැකි බවටද පුරෝකථන ලැබී තිබේ.
එමෙන්ම, මෙම රටවල් රැසක පුරුෂයන්ගේ සහ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අතර පරතරය අඩුවනු ඇති බවද එහි නිගමනය වී ඇත. ඒ අනුව, මෙම රටවල් ඉදිරියේදී මුහුණදෙන ප්‍රභලතම අභියෝගයක් වන්නේ මෙම ජනතාවට විශ්‍රාම වැටුප් ගෙවීම හා එම වැඩිහිටි ජනතාව රැකබලා ගැනීම බවද එම අධ්‍යයනය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මේ අතර, ජනතාවගේ අධි රුධිර පීඩනය අඩුකළ රටක් ලෙසද, ස්ථුලතාව මට්ටු කිරීමට කටයුතු කළ රටක් ලෙසද දකුණු කොරියාව ඉදිරියට පැමිණ ඇති බවද මෙම අධ්‍යයන වාර්තාව පෙන්වාදී ඇත.
ඒ අනුව, මීට පෙර ඉහළ ආයු අපේක්ෂාව හිමිකරගෙන සිටි ජපානය පසුපසට ගොස් ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් වී තිබේ.
මේ නිසා දැනට කාන්තාවන් අතර, ඉහළ ආයු අපේක්ෂාවක් සහිත රට ලෙස ජපානය හිමිකරගෙන ඇති තත්ත්වය ඉදිරියේදී දකුණු කොරියාව සහ ප්‍රංශය විසින් අභිභවා යෑම නොවැළැක්විය හැකි බවද එම අධ්‍යයන වාර්තාව වැඩිදුරටත් පෙන්වාදී ඇත.
කෙසේ වෙතත්, කාර්මීකරණය වූ රාජ්‍යයන් අතර අඩුම ආයු අපේක්ෂාවක් ඇති රට බවට පත් වෙමින් ඇමෙරිකාවේ තත්ත්වය මේ සම්බන්ධයෙන් දුර්වල තැනක පවතින බවද එහි සඳහන්ව තිබේ.