ඉතාලි ආයතන ප්‍රධානියෙකු සිය පහළ සේවිකාවක අනවශ්‍ය ආකාරයෙන් ස්පර්ශ කිරීම ලිංගික අඩන්තේට්ටමක් නොව, එය ඔහු කවටකමට කළ ක්‍රියාවක් පමණක් බවට හාස්‍යජනක උසාවි නියෝගයක් ලබාදී තිබේ.
ඉතාලි සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව වයස අවුරුදු 16 - 70 ත් අතර කාන්තාවන්ගෙන් තුනෙන් එකක් විවිධ අඩන්තේට්ටම් හා ලිංගික හිංසනයන්ට පත්වන තත්ත්වයක මෙම නඩු තීන්දුවට එරෙහිව සිවිල් සංවිධාන දැඩි විරෝධයක් එල්ල කර තිබේ.
තරුණ සේවිකාව පැමිණිලි කර තිබුණේ 65 වියැති ආයතන ප්‍රධානියා තමන්ව අනවශ්‍ය ආකාරයෙන් ස්පර්ශ කිරීමකට ලක්කළ බවය.
කෙසේ වෙතත්, විත්තියේ නීතීඥයන්ගේ කරුණු දැක්වීමට අනුව එය සිය සේවකයන් සමග ආයතන ප්‍රධානියා කවටකමට කළ ක්‍රියාවක් මිස ඉන් ඔබ්බට ගිය කාරණයක් නොවන බව පවසා තිබුණි.
ඒ අනුව, ඉතාලියේ පැලෙර්මෝ අධිකරණය විසින් පවසා තිබුණේ, මෙය ලිංගික හිංසනයක් නොව, ප්‍රධානියා කවටකමට කළ ක්‍රියාවක් පමණක් ලෙසිනි.