සිසු සිසුවියන්ගේ ආචාරවිධි වර්ධනය කිරීමේ අරමුණින් චීන විශ්වවිද්‍යාල ආපනශාලාවක වඩාත් ආචාරශීලීව හැසිරෙන අයගේ ආහාරවේලේ මිල 50% කින් අඩු කිරීමට තීරණය කර තිබේ.
නැගෙනහිර චීනයේ, වූහූ පළාතේ පිහිටි අන්හුයි විශ්වවිද්‍යාලය මෙම ක්‍රියාවලිය අරඹා ඇති අතර, මෙසේ ඉහළ ආචාරශීලීත්වයක් පෙන්නුම් කරන සිසුන්ගෙන් සාමාන්‍යයෙන් ආහාරවේලක් සඳහා අය කරන යුආන් 6ක මුදල වෙනුවට යුවාන් 3ක් පමණක් අය කරන බව කියැවෙයි.
එහිදී, කරුණාකර, බොහොම ස්තූතියි, සමාවෙන්න, සුබ උදෑසනක් ආදී වශයෙන් ආමන්ත්‍රණය කරන පිරිස් වෙත මෙම වට්ටම සඳහා හිමිකම් කීමට අවස්ථාව ලැබෙන බවද කියැවෙයි.